Skip to content
සුපිළිපන් රාජ්‍ය සේවයක් සඳහා වන ” සුපිළිපන් සංස්කෘතියක් – ක්ලීන් ශ්‍රී ලංකාවක් ” ජාතික මෙහෙයුම ක්‍රියාවට නැංවීම.
Clean Sri Lanka

සුපිළිපන් රාජ්‍ය සේවයක් සඳහා වන ” සුපිළිපන් සංස්කෘතියක් – ක්ලීන් ශ්‍රී ලංකාවක් ” ජාතික මෙහෙයුම ක්‍රියාවට නැංවීම.

Gayan
1 min read

ජනාධිපති කාර්යාලය විසින් නිකුත් කර ඇති අංක PS/CSL/Circular/08/2026 හා 2026/07/14 දිනැති චක්‍රලේඛය අනුව ජාතික සුපිළිපන් සතිය වෙනුවෙන් අල්ලස හා දූෂණයන්ගෙන් තොර ආදර්ශමත් පරිපාලන ව්‍යුහයක් ගොඩනැගීම , ගුණාත්මක කාර්යක්ෂම සේවාවක් සැපයීම සහ පාරදෘශ්‍යභාවය ඉහළ නැංවීමේ අරමුණින් ශ්‍රී ලංකා පදනම් සේවකයන් දැනුවත් කිරීමේ වැඩසටහනක් 2026.08.03 වන දින ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පැවැත්විය. මේ සඳහා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ ජ්‍යෙෂ්ඨ දූෂණ මර්දන නිලධාරී සම්පත් ආරච්චිගේ මහතා විසින් සම්පත් දායකත්වය ලබා දෙන ලදි.

මෙම වැඩසටහනෙහි සමාරම්භක අවස්ථාව හා දූෂණ විරෝධී ප්‍රතිඥාව කියවීම ශ්‍රී ලංකා පදනම් ආයතනයේ අධ්‍යාපන අධ්‍යක්ෂ ආචාර්ය සමන් වීරවංශ මහතා විසින් සිදුකරනු ලැබූ අතර එම අවස්ථාවට ශ්‍රී ලංකා පදනම් ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් (වැ.බ)කෂුනි එන්. ලියනගේ මහත්මිය ඇතුළු සමස්ත කාර්යමණ්ඩලය සහභාගි විය.